ශ්රී ලාංකේය සිනමා කර්මාන්තය නඟා සිටුවීමෙහි ලා අනූපමය සේවයක් ඉටු කළ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඇතුළු මුල් කාලීන සම්මානනීය වාර්තා චිත්රපට අධ්යක්ෂකවරුන් ඇගයීමේ උපහාර උළෙලක් පැවැත්වීමට රජය තීරණය කර ඇත.
එළැඹෙන 18 වැනිදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මෙම උපහාර උළෙල පැවැත්වීමට සැළසුම් කර තිබේ.
සුගතපාල සෙනරත් යාපා, තිස්ස ලියනසූරිය, කීර්ති ශ්රී පෙරේරා යන චිත්රපට අධ්යක්ෂකවරුන්ට ද මෙහිදී උපහාර පිරිනැමීමට නියමිතය.
මෙම උපහාර උළෙලට සමගාමීව රජයේ චිත්රපට අංශය මගින් නිෂ්පාදනය කරන ලද සම්මානනීය වාර්තා චිත්රපට ඩිජිටල්කරණය කර සංරක්ෂණය කිරීම සදහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට භාරදීම හා සංරක්ෂණය කළ වාර්තා චිත්රපට අන්තර්ජාලයට මුදාහැරීමද සිදුකෙරෙනු ඇත.