නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ පාකිස්තාන ජාතික මලාලා යූසොෆ්සායි ට පසුගිය දා බොලිවුඞ් සුරූපී නිළි ප්‍රියංකා චොප්රා හමුවීමට අවස්ථාවක් හිමි විය.
ඒ, එක්සත් ජාතීන්ගේ 72 වැනි මහ සමුළුවට සමගාමීවය.
තමන් ආදරය කරන රංගන ශිල්පිනියක හමුවීමට ලැබීම සතුටට කරුණක් බව ට්විටර් සමාජජාලය ඔස්සේ ඡායාරුපයක් පල කරමින් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක මලාලා පවසා ඇත.
එම සටහනට පිළිතුරු වශයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ තානාපතිවරියක ලෙස කටයුතු කරන ප්‍රියංකා පවසා ඇත්තේ “ ඔබ මුණ ගැසීමට ලැබීම ලොකු සතුටක් ඒ වගේම ඔබ ගැන මට ගොඩක් ආඩම්බරයි” යනුවෙනි.