ප්‍රකට රුසියානු-උස්බෙක් ලේඛක, හමීඞ් ඉස්මායිලොව් අද(22) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඒ ඔහු විසින් රචිත ‘ඩෙඩ් ලේක්’ නම් නවකතාව ‘මියැදුණු විල’ නමින් චූලානන්ද සමරනායක විසින් සිංහල බසට පරිවර්තනය කිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයකට සහභාගි වීම සදහායි.
පරිවර්තන ග්‍රන්ථය එළැඹෙන සැප්තැම්බර් 25 දින සවස 3.00ට කොළඹ නිදහස් මාවතේ රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී එළිදැක්වීමට නියමිතය.
කිවියර හමීඞ් ඉස්මායිලොව් සැප්තැම්බර් 23 දින උදෑසන 10-12 කාලය තුළ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා භූමියෙහි පැවැත්වෙන කොළඹ පොත් ප්‍රදර්ශණයෙහි සුභාවි පොත් කුටියෙහි (H 205) පාඨකයන් හමුවීමට සුදානමින් සිටියි.