19 වැනි වරටත් සංවිධානය කරමින් පසුගිය 15 වැනිදා ඇරඹි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අද(24) යි.
අද රාත්‍රී 9 වන තෙක් ප්‍රදර්ශනය නරඹන්නන්ට විවෘතව තිබෙන බව සංවිධාන කටයුතු මෙහෙයවන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
එසේම ඔවුන් පවසා සිටින්නේ පසුගිය වසරවල මෙන්ම මෙවරත් දිවයිනේ නන් දෙසින් පැමිණි දැවැන්ත ජනකායක් ප්‍රදර්ශනය පැවති කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා භූමියට එක් රොක් වූ බවයි.
ග්රන්ථ කුටි 400 කින් පමණ සමන්විතව ප්‍රදර්ශනය නවකතා, කෙටිකතා, කවි, විෂය ග්රන්ථ සහ අධ්‍යාපනික ප්‍රකාශන ආදී බොහෝ පොත්පත් වට්ටම් සහිතව මිලට ගැනීම සඳහා දින 9 ක් පුරාවට පාඨකයන්ට අවස්ථාව සලසා දී තිබුණි.