තැපැල් දෙපාර්තමේන්තුවේ 50 වැනි සංවත්සරයට සමාඟාමීව සංවිධාන කරනු ලබන 2017 ජාතික මුද්දර ප්‍රදර්ශනය සඳහා නිර්මාණ භාරගැනීමේ කටයුතු මේ වන විට සිදුකරන බව තැපැල් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව 6 වැනි ශ්‍රේණියෙන් ඉහළ පාසල් දූ දරුවන්ට සහ වැඩිහිටියන්ට මෙම ප්‍රදර්ශනය සඳහා මුද්දර නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර පාසල් දූ දරුවන්ට තම වයස් මට්ටම් අනුව කාණ්ඩ තුනක් යටතේ මෙම තරගය සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
නිර්මාණ භාරගනීමේ කටයුතු ඔක්තෝම්බර් 14 අවසන් වේ.
මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු 0112 326 163, 0114 927 248 හෝ ක්ෂණික ඇමතුම් අංක 1950 ඇමතීමෙන් ලබාගත හැකිය.
ජාතික මුද්දර ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 25දා සිට 29දා දක්වා කොළඹ තැපැල් මූලස්ථානයේ දී පැවත්වීමට නියමිතය.