ධර්මසිරි බණ්ඩාරනායක විසින් අධ්‍යක්ෂණය කළ ධවල භීෂණ වේදිකා නාට්‍ය නැවත වතාවක් වේදිකා ගත කිරීමට සුදානම් කර තිබේ.
ඒ එළැඹෙන ඔක්තෝබර් 1 වැනිදා සවස 3 ට සහ 6.45 ට බොරැල්ල නාමෙල්, මාලිනි පුංචි තියෙටර් හි දිය.
ත්රිකොනි සංස්කෘතික පදනමේ ගොඩනැගිලි අරමුදලට ආධාර වශයෙන් මෙවර විශේෂ දර්ශනවාරය පැවැත්වෙනු ඇත.
මෙම වේදිකා නාට්‍යය ප්‍රංශ ජාතික ෂෝන් පෝල් සාත්‍රේ විසින් තිර රචනා කළ “මෙන් විත්අවුට් ෂැඩො” හි සිංහල අනුවර්තනයකි.
1988 දී පළමු වතාවට නිෂ්පාදනය වුනු ධවල භීෂණ සඳහා තිර රචනය පරිවර්තනයෙන් දායක වුයේ සිරිල් සි පෙරේරා ය.
සංගීතය ආචාර්ය කේමසිරි ප්‍රේමදාස විසිනි.
1990 රාජ්‍ය නාට්‍ය උළෙලින් ‘ධවල භීෂණ’ වසරේ හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය, වසරේහොඳම නිළිය, වසරේ හොඳම සහාය නළුවා, හොඳම වේදිකා නිර්මාණය, හොඳම වේදිකා ආලෝක නිර්මාණය, හොඳම වේදිකා පරිපාලනය ඇතුළු රාජ්‍ය සම්මාන නවයක් හිමි වීය.
1988 සැප්තැම්බර් මස 27, 28 කොළඹ ලයනල් වෙන්ඞ්ට් රංග ශාලාවේදී ප්‍රථම වරට වේදිකා ගතකල ‘ධවල භීෂණ’ නාට්‍යයේ සියලු ප්‍රදර්ශන කටයුතු එවකට ලාංකීය සමාජයේ පැවැති භීෂණ තත්වය නිසා අත්හිටුවීමට සිදුවිය.
‘ධවල භීෂණ’ නාට්‍යය යළිත් මහජන ප්‍රදර්ශනයට රැගෙන ආවේ 1991 දිය.
එතැන් සිට 2017 වසර දක්වා නාට්‍යය දර්ශන වාර 1600 ක් පමණ පවත්වා ඇත.