අසම්මත ආදර කතාවක් පාදක වූ බැවින් තහනමට ලක්වුණු ඉන්දීය ටෙලි නාට්‍යයක දෙවැනි ටෙලි මාලාව රූපගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
අවුරුදු 9 ක් වයසැති පිරිමි ළමයෙක් සහ 18 වයසැති තරුණියක් අතර ඇතිවුණු ආදර කතාවක් පාදක කරගැනීම නිසා “පෙහෙරේදර් පියා කි” නම් ටෙලියේ පළමු කොටස සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් ඔස්සේ විකාශය නවතා දැමුවේ පසුගිය අගෝස්තු 29 වැනිදා පටන් ය .
මෙතෙක් විකාශය වුනු කොටස් හි රතන් කුමරු ලෙස ප්‍රධාන රංගන දායකත්වය සැපයු ළමා චරිතය ඉවත් කොට ඔහුගේ වැඩිහිටි අවදිය නිරුපනය කිරීම සඳහා ශාන්තනු මහේෂ්වරී නම් රංගන ශිල්පියා යොදා ගෙන ඇත. දියා කුමරියගේ චරිතයට පණ පොවන්නේ තේජස්වී ප්‍රකාශ් විසින්මය.
ටෙලියේ රූපගත කිරීම සඳහා ඔවුන් මෙම මස අවසානයේ බිකනේර් ප්‍රදේශය වෙත යාමට නියමිතය.
ළමා විවාහ සඳහා අනුබල ලබා දෙන බවට විවේචන විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වීම නිසා දිනපතා විකාශය වුනු “පෙහෙරේදර් පියා කි” (ස්වාමියාගේ රැකවලා) ටෙලි නාට්‍ය මෙසේ විකාශය තහනමට ලක් වුණි.
ජුලි මැද විකාශය කිරීම ආරම්භ කළ ටෙලිය “වහාම නවතා දැමිය යුතු” බවට සඳහන් කරමින් මුම්බායි රාජ්‍ය නොවන ආයතනයක් වූ ජේ හෝ පදනම, බලධාරීන් වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. අශෝබන, දරුවන්ට නුසුදුසු යන කරුණු පැහැදිලි කරමින් එය ලියවී ඇත.
ළමා විවාහ විශාල අර්බුදයක් බවට පත්වුණු ඉන්දියාවේ සමාජ මාධ්‍ය ද මේ පිළිබඳව සිය විරෝධය පල කිරීමට කටයුතු කර තිබුණි.
මෙහි දැනට විකාශය වූ කතාව නම් මෙසේය,
රතන් කුමාර් නම් පිරිමි ළමයා, සුන්දර දියා නම් තරුණිය දුටු පමණින් ආලයෙන් බැඳෙයි. රජ කුමරුවෙක් වූ ඔහු නැසීමට පවුලේ ඥාතීන් සිදු කරන කරදර වලින් මුදවා ගැනීමට සිටින එකම පුද්ගලයා ලෙස දියා නම් සැලෙකන අතර රතන්ගේ පියා මිය යාමට පෙර ඔහුගේ ආරක්ෂකයා ලෙස පත් කර සිටින්නේ ද ඇයයි.