ගායන ශිල්පියකුට සංගීත සංදර්ශන දෙකක ගීත ගායනා කළහොත් බදු ගෙවීමට සිදුව ඇතැයි ගායන ශිල්පී මධුමාධව අරවින්ද පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
තව ද රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක් යම් නිර්මාණයකට ගිවිසුම් ගත වුවහොත් ලැබෙන මුදල අනුව බදු ගෙවීමට සිදුව ඇතැයි ද මධුමාධව අරවින්ද පවසා තිබේ.
මේ නිසා බොහෝ කලාකරුවන් අසරණ වී තිබෙන බව පැවසු ඔහු සමහර කලාකරුවන් අයිස්ක්‍රීම්, කිරකොල ආදිය විකුණා ජීවත්වීමට වෙර දරන බව ද කියා ඇත.