සිංහල සිනමාවේ විශිෂ්ඨ රංගන ශිල්පියකු වූ ජෝ අබේවික්‍රම සිනමාවේදියාගේ හය වැනි ගුණානුස්මරණය වෙනුවෙන් පසුගියදා බොරැල්ල කනත්තේ පිහිටි එතුමාගේ ස්මාරකය අභියස පූජෝපහාරයක් පැවැත්විණි.
ජෝ අබේවික්‍රම මහතාගේ දියණිය වන උදේනි කුමාරි අබේවික්‍රම මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැති මෙම පූජෝපහාරය සංවිධාන කරනු ලැබුවේ එක්සත් ජාතික කලා සංසදය මඟිනී.
රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි, ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ තිස්ස ලියනසූරිය, චිත්‍රපට සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩල සභික සනෝජා බිබිලේ, චිත්‍රපට අධ්යක්ෂ සුනිල් අරුණ වීරසිරි, බර්මින් ලයිලි ප්‍රනාන්දු, ප්‍රවීණ කලා ශිල්පීන් වන මියුරි සමරසිංහ, උදේනි චන්ද්‍රසිරි, රත්නසිරි රත්නසිංහ, බන්දුල නානායක්කාර, ජයතිලක හේරත්, අනුර ශ්‍රීනාත්, ටවර්හෝල් පදනමේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සුනිල් ප්‍රේමරත්න, චිත්‍රපට ශබ්ද පරිපාලක ලයනල් ගුණරත්න, නිශ්චල ඡායාරූප ශිල්පී මහේෂ් නිශාන්ත, ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ, වාද්‍ය ශිල්පී සමන් ප්‍රනාන්දු ඇතුළු කලා ශිල්පීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - මහේෂ් නිශාන්ත