සිග්නීස් ටෙලි සිනමා උත්තමාචාර සම්මාන උලෙළ 2017 එළැඹෙන 13 වැනිදා පැවැත්වීමට සංවිධායකයන් කටයුතු සුදානම් කර තිබේ.
සම්මාන උළෙල එදින සවස 6.30 ට නෙළුම් පොකුණ රංග ශාලාවේදී ආරම්භ වනු ඇත.
වතිකානු අපොස්තලික තානාපති අති උත්තම පියෙරේ ග්වේන් වැන්ටොට් හිමිපාණන් සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙවර උලෙළෙහි ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සහභාගි වීමට නියමිතය.
40 වැනි වරට පැවැත්වෙන උලෙළේ ගෞරවාචාර්ය සම්මානයන් මෙවර පිරිනමනු ලබන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය ධර්මසේන පතිරාජ, අයිරාංගනී සේරසිංහ සහ තිස්ස විජේසුරේන්ද්‍ර සහ සෑම් පෙරේරා යන කලා කරුවන්ටය.
ජීවිතයට එක් වරක් පිරිනැමෙන සම්මානයන් සඳහා එඩ්වඩ් ජයකොඩි සහ දේවිකා මිහිරාණි තේරී පත් වී ඇත.