2017 නොබෙල් සාහිත්‍ය සම්මානය ජපන් සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ලේඛක කසුඕ ඉෂිගුරෝ හට පිරිනමා තිබේ.
ඔහු වෙත මෙම සම්මානය පුදා ඇත්තේ ග්රන්ථ අටක් රචනා කරමින් ඔහු විසින් ග්රන්ථ සාහිත්‍යට ඉටු කරන ලද මෙහෙවර අගය කිරීමක් වශයෙනි.
කෙසේ වෙතත් තමන් මෙම සම්මානයෙන් පිදුම් ලැබූ වග දැනගත් පසු පුදුමයට පත් ඔහු විසින් විමසා ඇත්තේ “නොබෙල් ත්‍යාගය හිමි වූ අයෙක් මොකක්ද ඇඳගෙන යන්නේ,” යනුවෙනි.
ඔහු විසින් රචිත “රිමේන්ස් ඔෆ් ද ඩේ” සහ “නෙවර් ලෙට් මි ගෝ” යන ප්‍රකට නවකතා පදනම් කරගනිමින් නිර්මාණය වුනු සිනමාපට ප්ප්රේක්ෂකයන් මහත් ආදරයෙන් වැළද ගත්හ.
කසුඕ ඉෂිගුරෝ මින් පෙරද සම්මාන කිහිපයක් හිමිකරගෙන ඇත.
ඒවානම් 1995 බ්‍රිතාන්‍ය රජය විසින් පුද කෙරුණු OBE ගෞරව සම්මානය සහ 1989 දී “රිමේන්ස් ඔෆ් ද ඩේ” නවකතාව උදෙසා බුකර් සම්මානය දිනා ගත්තේය.
ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ග්රන්ථ මේ වනවිට 40කට අධික භාෂාවන් සංඛ්‍යාවකට පරිවර්තනය කර ඇත.