පස් වන දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දසුන් පතිරණ විසින් හිමිකර ගත්තේය.
ෆ්‍රැන්ජිපානී චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඔහුට මෙම සම්මානය හිමි වුණි.
සම්මාන උළෙල නෙළුම් පොකුණ රඟහලේ දී අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ රාත්‍රී(07) පැවැත්වුණි.
එහිදී හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවේ ස්වර්ණා මල්ලවාරච්චියි.
ඇගේ ඇස අග චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇයට මෙම සම්මාන හිමිවුණි.
හොඳම නිළිය ලෙස ජූරියේ විශේෂ සම්මානයක් මෝටර් බයිසිකල් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සමනලී ෆොන්සේකා විසින් හිමිකර ගත්තේය.
හොදම චිත්‍රපටය ලෙස අශෝක හඳගමගේ ඇගේ ඇස අග චිත්‍රපටය සම්මාන ලැබූ අතර හොදම අධ්‍යක්ෂණය වෙනුවෙන් මෝටර් බයිසිකල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සමීර රංගන නාඔටුන්න සම්මාන ලබාගත්තේය.
මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේ හොදම තිර රචනය සඳහා සම්මාන ලැබුවේ ඇගේ ඇස අග චිත්‍රපටය වෙනුවෙන් අශෝක හඳගමයි.
‘ඇගේ ඇස අග’ දෙරණ සිනමා සම්මාන කිරුළ දරද්දී , උළෙලේ වැඩිම සම්මාන ලද සිනමාපටය බවට ‘මෝටර් බයිසිකල්’ පත්විය.
2016 වර්ෂයේ මෙරට තිරගත වූ සිනමාපට 24 ක් අතුරින් සිනමාපට 09 ක් ඊයේ දින උළෙලේ පිරිනැමූ ජූරි සම්මානයන් 23 කට සහ ජනප්‍රිය සම්මානයන් 04 කට හිමිකම් කියූ අතර, එහිදී වසරේ වැඩිම සම්මාන සංඛ්‍යාවකින් පිදුම්ලැබූ සිනමාපටය බවට ශමීර රංගන නාඔටුන්නගේ ‘මෝටර් බයිසිකල්’ සිනමාපටය පත්විය.
මෝටර් බයිසිකල්- සම්මාන 07/ ඇගේ ඇස අග- සම්මාන 05 / සක්කාරං- සම්මාන 04/ පත්තිනි- සම්මාන 04/ සයපෙති කුසුම- සම්මාන 02/ සරිගම- සම්මාන 02/ උසාවිය නිහඬයි- සම්මාන 01/ මායා- සම්මාන 01/ ආදරණීය කතාවක්- සම්මාන 01
උළෙලේ ජූරිය- ඈෂ්ලි රත්නවිභූෂණ/ බූඩී කිර්තිසේන/ අනුරුද්ධ ජයසිංහ/ යශෝධා විමලධර්ම/ ඉන්දික ෆර්ඩිනැන්ඩු
උපහාර සිනමා සම්මාන ඛාණ්ඩය
•දෙරණ යාවජීව සම්මානය (Life Time Achievement Award): ධර්මසේන පතිරාජ
විශිෂ්ටතා සිනමා සම්මාන ඛාණ්ඩය
•හොඳම චිත්‍රපටය (Best Picture): ඇගේ ඇස අග (අශෝක හඳගම)
•හොඳම අධ්‍යක්ෂකවරයා ( Best Director): ශමීර රංගන (මෝටර් බයිසිකල්)
•හොඳම තිරරචනය (Best Screenplay): අශෝක හඳගම (ඇගේ ඇස අග)
•හොඳම නළුවා (Best Actor): දසුන් පතිරණ (සයපෙති කුසුම)
•හොඳම නිළිය (Best Actress): ස්වර්ණා මල්ලවාරච්චි (ඇගේ ඇස අග)
•හොඳම නිළිය සඳහා වූ විශේෂ ජූරි සඳහන (Special Jury Mention for Best Actress): සමනලී ෆොන්සේකා (මෝටර් බයිසිකල්)
•හොඳම සහාය නළුවා (Best Actor In a Supporting Role): ගයාන් වික්‍රමතිලක (සක්කාරං)
•හොඳම සහාය නිළිය (Best Actress In a Supporting Role): අරුණි රාජපක්ෂ (පත්තිනි)
•හොඳම ප්‍රතිවිර (දුෂ්ට) රංගනය (Best Actor-Actress In a Negative Role): පුබුදු චතුරංග (සක්කාරං)
•හොඳම හාස්‍යඋත්පාදක රංගනය (Best Actor- Actress in Comedian Role): සරත් කොතලාවල (සක්කාරං)
•හොඳම නැගීඑන නිළිය (Best Upcoming Actress): රිතිකා කොඩිතුවක්කු (ඇගේ ඇස අග)
•හොඳම නැගීඑන නළුවා (Best Upcoming Actress): සම්මානයක් පිරිනොනමන ලදී
•හොඳම පසුබිම් ගායකයා (Best Singer- Male): අජිත් කුමාරසිරි - අම්මගේ මාලේ (මෝටර් බයිසිකල්)
•හොඳම පසුබිම් ගායිකාව (Best Singer- Female): නිරෝෂා විරාජිනී -රන් හසුන් ලොල් වනා (පත්තිනි)
•හොඳම ගී පද රචනය (Best Lyrics): අශෝක හඳගම- ඇහැරෙන්න ඉතින් දැන්වත් (ඇගේ ඇස අග)
•හොඳම සිනමා කැමරාකරණය (Best Cinematography): විශ්වජිත් කරුණාරත්න (මෝටර් බයිසිකල්)
•හොඳම සංස්කරණය (Best Editing )- තිස්ස සුරේන්ද්‍ර (මෝටර් බයිසිකල්)
•හොඳම ශබ්ද සැලසුම්කරණය (Best Sound Design): අරුණ ප්‍රියන්ත කළුආරච්චි (මෝටර් බයිසිකල්)
•හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය (Best Original Music Score): අජිත් කුමාරසිරි (මෝටර් බයිසිකල්)
•හොඳම දෘශ්‍ය ප්‍රයෝග (Best Visual Effect)- කසුන් මලින්ද /ග්‍රේෂන් කුලරත්න (සරිගම)
•හොඳම කලා අධ්‍යක්ෂණය (Best Art Direction): ලාල් හරේන්ද්‍රනාත් (සක්කාරං)
•හොඳම ඇදුම් නිර්මාණය (Best Costume): වෙනුක වික්‍රමාරච්චි (පත්තිනි)
•හොඳම වේෂ නිරූපණය (Best Make up): ප්‍රියන්ත වන්නිනායක (සයපෙති කුසුම)
•ජූරියේ විශේෂ සම්මානය (Special Jury Award): උසාවිය නිහඬයි (ප්‍රසන්න විතානගේ)
හෙට දවසේ සිනමා සම්මාන ඛාණ්ඩය
•හොඳම සිනමාපටය - හෙට දවසේ සිනමාව (Best Picture- Cinema of Tomorrow): බහුචිතවාදියා (මාලක දේවප්‍රිය)
•හොඳම මතු පාර්ථනා සහිත අධ්‍යක්ෂකවරයා- හෙට දවසේ සිනමාව (Most Promising Director- Cinema of Tomorrow): ජූඩ් රත්නම් (Demons in Paradise)
•හොඳම කෙටි චිත්‍රපටය (Best Short Film): Song of Innocent - ධනංජය බණ්ඩාර
ජනප්‍රිය සිනමා සම්මාන ඛාණ්ඩය
•වසරේ ජනප්‍රියම සිනමාපටය (Blockbuster Movie of the Year): පත්තිනි
•වසරේ ජනප්‍රියම සිනමාපටය - දෙවන ස්ථානය (Blockbuster Movie of the Year- 2nd Place) : මායා
•වසරේ ජනප්‍රියම සිනමාපටය - තෙවන ස්ථානය (Blockbuster Movie of the Year- 3rd Place): සරිගම
•වසරේ ජනප්‍රියම චිත්‍රපට ගීතය (Most Popular Film Song): අහසින් එහා තරු මං දිගේ (ආදරණීය කතාවක්)
•වසරේ ජනප්‍රියම නිළිය (Most Popular Actress): පූජා උමාශංකර්
•වසරේ ජනප්‍රියම නළුවා (Most Popular Actor): රන්ජන් රාමනායක
•Sunsilk Shine Award: උදාරි වර්ණකුලසූරිය