1943 උපත ලත් මිරිහාන ආරච්චිගේ නන්දා පෙරේරා හෙවත් නන්දා මාලිනීය වයස අවුරුදු 12 සිට ගීත ගයමින් දක්ෂතම ගායිකා සම්මානයෙන් වැඩිම වාරයක් සම්මානයට සම්භාවනාවට පත්වූ ජාතියේ මහා ගායිකාව වන්නීය.
ඇය මෙරට ගීත ක්ෂෙත්රයට පැමිණෙන සියල්ලන්ටම අපූර්ව පූර්වාදර්ශී ගායිකාවක්ද වන්නීය.
ජාතියේ යශෝරාවය යන නමින්ද නම් ලද ඇය අද ඇගේ ජීවිතයට ලැබිය හැකි සුවිශේෂී ගෞරවාධරයට පාත්රවිය. ඒ ඇය මෙරට ගීත සාහිත්‍ය වෙනුවෙන් කරන ලද සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලංකාවෙ විශ්ව විද්‍යාලයකින් ගායිකාවට පිදෙන ප්‍රථම සම්මාන ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබීය.
ආර්ථික දුෂ්කරතා වලින් හෙබි ඇගේ ළමා කළ ජීවිතය ට ආලෝකය දල්වා ගන්නට ඇයගේ නිසර්ග ගායන කුශලතාව ඇයට මහගු පිටුවහලක් විය.ඇය අද මෙම සම්මානයට පාත්‍ර වන්නේ ඇයගේ ඒ අනේක විධ ජීවිත කැපකිරීම් තුළින් ඇය ලබාගත් පන්නරය වෙනුවෙනි. ආචාර්ය උපාධියකින් පුදන්නට මෙරට සිටින ප්‍රමුඛතම ගායිකාව වන්නේ ද ඇයමය.
ලාංකේය සුවහසක් රසික සිත සුවපත් කරන්නී ආචාරය නන්දා මාලිනියනි මිරර් ආර්ට්ස් ඔබට සුබ පතන්නෙමු. දීර්ඝායු පතන්නෙමු. ඔබ වන් මධුර හඩ ලද අයෙකු මේ මහපොළවේ ඉපැදීම පිනකි.