ජනප්‍රිය බොලිවුඩ් තාරකාවන් වන රන්විර් සිං, දීපිකා පදුකෝන් සහ ශාහිඩ් කපුර් රඟන “පද්මාවතී” සිනමා නිර්මාණයේ නිල පුර්ව ප්රචාරක පටය අද නිකුත් විය.
සංජය ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය ආරම්භ කරනු ලබන්නේ එළැඹෙන දෙසැම්බර් 1 වැනිදාය.
පුරාණ ඉන්දීය කතාවක් අනුව යමින් නිපදවුණු මෙම සිනමාපටය තිරගත වනතෙක් බොලිවුඩ් සිනමා රසිකයන් බොහොම නොඉවසිල්ලෙන් බලා සිටින බව මාධ්‍ය වාර්තා කරයි.