සිරියාවේ අපකීර්තියට පත් සිර කඳවුරක් පිළිබඳව සිනමාපටයක් නිර්මාණය කරමින් සිටි චිත්‍රපට අධ්යක්ෂ මුහම්මද් බයාසීද්, තුර්කියේ ඉස්තාන්බුල් හිදී පිහි ඇණුමකට ලක්ව රෝහල් ගත කර තිබේ.
ඔහුගේ තත්ත්වය බරපතල බවත්, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් තුර්කි පුවත් සේවා වාර්තා කරයි.
නැගෙනහිර සිරියාවේ පිහිටි තද්මුර් බන්ධනාගාරයේ සිදුවන වද හිංසාවන් පිළිබඳ වාර්තාකරමින් සිටියදී 10 අඟහරුවාදා ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇත.
මෙම ප්‍රහාරය ඝාතන ප්රයත්නයක් බව බයාසිද්ගේ බිරිඳ සමා පවසන්නීය.
මුහම්මද් බයාසීද් ජාත්‍යන්තරයේ පවා ඇගැයීමට ලක් වූ සිනමාකරුවෙකි.