රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු වැඩ බලන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස නීතිඥ සුදර්ශන ගුණවර්ධන පත් කර තිබේ.
ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය රංග කලන්සුරිය පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙම තනතුර පුරප්පාඩුව පැවතුනි.
නීතිඥ සුදර්ශන ගුණවර්ධන ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරය ද හොබවයි.