ලියනාඩෝ ඩා වින්සි විසින් අවසන් වරට නිර්මාණය කළා යැයි සැලකෙන සිතුවම එළැඹෙන නොවැම්බර් මසදී වෙන්දේසි කිරීමට එහි වත්මන් භාරකාරීත්වය තීරණය කර තිබේ.
එම සිත්තම ඩොලර් මිලියන 100 ක පෙර විකිණුම් වටිනාකමකින් යුතු බවට ගණන් බලා ඇත.
යේසුස් වහන්සේ පිළිබිඹු කෙරෙන, “සැල්වටෝර් මුන්ඩි” ලෙස නම් කර ඇති මෙම නිර්මාණය එළැඹෙන මස 15 වැනි දින වෙන්දේසි කිරීමට නියමිත බව පසුගිය අඟහරුවාදා ප්රකාශයට පත් කෙරුණි.
ක්රිස්තු වර්ෂ 1500 ක පමණ අතීතයකට හිමිකම් කියන “සැල්වටෝර් මුන්ඩි” ලෝක ප්රකට චිත්ර ශිල්පී ලියනාඩෝ ඩාවින්සිගේ දැනට ඉතිරිව ඇති නිර්මාණ අතලොස්ස අතරට අයත් වේ.
වසර 50 ක පමණ කාලයක් අතුරුදන්ව පැවතුනු මෙම නිර්මාණය නැවත සොයා ගැනීමට හැකිවුණේ 2005 දිය.