1939 ජුලි 16 වැනිදා, ඇමරිකා එක්සත් ජනපදයේ ලුසියානා හි උපත ලද ඇඩ්ලර් බෙරිමන් සීල හෙවත් බේරී සීල් ට්‍රාන්ස්වර්ල්ඩ් එයාලයින් නම් ඇමරිකානු ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු සිට පසුව ලෝක ප්‍රසිද්ධ කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක් වූ මෙඩ්ලින් කාට්ලර් හී ප්‍රධාන මත ද්‍රව්‍ය ප්‍රවාහකයෙක් බවට පත්වූ පුද්ගලයෙකි. පසුගිය සැප්තැම්බර් 29වෙනිදා සිට ලොව පුරා තිර ගතවන අපරාධමය කථා තේමාවක් රැගත් “ඇමරිකන් මේඩ් ”
චිත්‍රපටයෙන් දිග හැරෙන්නේ බැරි සීල්ගේ මෙම සත්‍ය ජීවිත කතා පුවතයි.
1970 කාලයේදී පනමාවේ සිටි එක්තරා යුධ ඒකාධිපතියෙකු සමගින් යම් යම් දේ හුවමාරුව වෙනුවෙන් ඇමෙරිකානු මධ්‍යම බුද්ධි අංශ විසින් බැරී සීල් පත් කරනු ලබයි. එවැනි වූ එක්තරා ගමනක් අතරතුර, මෙඩ්ලින් කාටර් නම් මත ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිස බැරී සීල් හට හමුවන අතර යලිත් ඇමෙරිකාවට යන ගමනේදී කොකේන් තොගයක් ප්‍රවාහනය කරන ලෙස ඔවුන් බැරී සීල්හට බාර් කරයි . දිගින් දිගටම මෙම ගනුදෙනුව සිදුවූවත් ඇමරිකානු මද්යම බුද්ධි අංශය ද එය නොදුටුව සේ සිටින අතර මේ පිළිබද ඉව වැටෙන ඇමෙරිකානු මත්ද්‍රව්‍ය නාශක අංශය බැරී සීල් පසුපස ලුහු බදින්නේ මධ්‍යම බුද්ධි අංශයට ද අවවාද කරමිනි
මේ අතර ඇමරිකාවේ අනුග්‍රහය ලද කැරළිකරුවන් කණ්ඩායමක් වන කන්ට්‍රාස් විසින් අවි ප්‍රවාහන කටයුත්තක්ද බැරී සීල් හට භාර කෙරේ. කෙසේ නමුත් බැරී සීල් මේ අතරම මෙඩ්ලින් කාර්ටල් වෙතද අවි ප්‍රවාහන කිරීමේ කටයුත්ත ඉටු කරයි. ඇමරිකානු මධ්‍යම බුද්ධි අංශය පැනමාවේ යුධ ඒකාධිපතියා අතර ගනුදෙනුව නවතා දමන්නට තීරණය කරන අතර බැරී සීල් FBI වෙත භාර කරයි . එහිදී බැරී සීල් මධ්‍යම බුද්ධි අංශය වෙත තමා මෙතෙක් කළ සේවය වෙනුවෙන් සමාව අයැද සිටින අතර එහිදී රජය ඔහු සමගින් එකගතාවයකට පැමිණේ. එනම් මෙඩ්ලින් කාර්ටල් කණ්ඩායම අල්ලා ගැනීමට බැරී සීල් ගේ සහය ලබාගැනීමයි . ඔහු ඒ වෙනුවෙන් මැදිහත් වන අතර එයින් ඔහු කෙරෙහි වෛර බද ගන්නා මෙඩ්ලින් කර්ටල්, බැරී සීල් ව ඝාතනය කිරීමට සැරසෙයි. මේ අතර තම නාමයද මෙම අපරාධ සමගින් කියවෙනු ඇතැයි යන්න පදනම්ව ඇමරිකානු මධ්‍යම බුද්ධි අංශය විසින් බැරී සීල් සමගින් සිදු කල් ගනුදෙනු සියල්ලේ ලියකියවිලි විනාශ කර දමයි.
බැරී සීල් ගේ ජිවිත කතාව පදනමව් “ඇමරිකන් මේඩ් ” රචනා කර තිබෙන්නේ ග්‍රේ ස්පින්න්ලි විසිනි. මෙහි බැරී සීල් ගේ චරිතයට පන් පොවන්නේ හොලිවූඩයේ ප්‍රවීන ක්‍රියාදාම නළු ටොම් කෲස් වන අතර සාරා රයිට් ,ඩොමිනොල් ග්ලීසින් ,ජෙමා මේස් , ඇතුළු පිරිසක් මෙහි සෙසු චරිත රගපානු ඇත.
මිනිත්තු 117 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය විචාරක හා ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින්ම දිනා ගැනීමට හැකිවිය.
baiscope