ළමා නාට්‍ය කලාවේ නිර්මාණාත්මක දාර්ශනික පදනම ගොඩනැඟීම අරභයා වාර්ෂිකව පවත්වනු ලබන 'රාජ්‍ය ළමා නාට්‍ය උළෙල - 2017' පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන උළෙල සඳහා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල මෙන්ම කලාකරුවෝ රැසක්ද සහභාගි වූහ.
උළෙලේදී සම්මාන ලැබූවන් මෙසේය.
හොඳම ළමා නළුවා : විමුක්ති නිලංක කිරිඇල්ල
හොඳම ළමා නිළිය :සීමිත - අනුත්තරා මධුෂානි (පමුණුගම මහා විද්‍යාලය)
විවෘත - උත්පලා පෙරේරා
හොඳම ළමා නාට්‍ය
සීමිත - වීර චාරිකා (මධුෂාන් හත්ලහවත්ත)
විවෘත - පාට (නිලංකා නාමල් උඩුමුල්ල)
හොඳම සහාය නළුවා
සීමිත - මනුජ නිර්මාල් (රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලය)
විවෘත - රිෂිත කසුන් බානගල
හොඳම සහාය නිළිය
සීමිත - චලනි ජයතිලක (දඹදෙණි මධ්‍ය මහා විද්‍යාලය)
විවෘත - කුණ්ඩලකේෂි වන්නිආරච්චි
හොඳම වේදිකා රංගාලෝකය
සීමිත - ඉෂාන් නිලක්ෂ (දඹදෙණි මධ්‍ය මහා විද්‍යාලය)
විවෘත - ප්‍රභාත් සංජීව
හොඳම වේදිකා පසුතල නිර්මාණය
සීමිත - වින්ධ්‍යා ආනන්ද (දඹදෙණි මධ්‍ය මහා විද්‍යාලය)
විවෘත - නිලංක නාමල්
හොඳම රංග වස්ත්‍ර නිර්මාණය
සීමිත - සුනේත්‍රා ජයසිංහ (රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය)
විවෘත - උපාලි ටෙනිසන්, එන්. විතානවසම්
හොඳම සංගීත නිර්මාණය
සීමිත - උදයංග විජේවික්‍රම (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය)
විවෘත - සුදර්ශන ක්‍රිෂාන්ත