ජාත්‍යන්තර සම්මාන දිනුසංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් (Burning Birds) වෘත්තාන්ත චිත්රපටයඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන එෂියන් වර්ඩ් සිනමා උළෙලේ ( Asian World Film Festival) තරඟකාරි අංශයට ආරාධනා ලැබ ඇතැයි මිරර් ආට්ස් වෙත වාර්තා වේ.
සිනමා උළෙල ඔක්තෝම්බර් මස මස 25දින සිටජුලි මස01 වන දිනදක්වාපැවැත්වේ.දැවෙන විහඟුන්සිනමාපටය සමග තරඟකාරි අංශය නියෝජනය කරන අනෙක් සිනමා කෘති දාහතම 2017 වර්ෂය සඳහා ආසියානු කලාපයේ රටවලින් හොඳම ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපට වීම විශේෂත්වයකි.
දැවෙන විහඟුන් චිත්‍රපටය ජපානයේ 17 වන ටෝකියෝ ෆිල්ම්එක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේ දී (17th Tokyo FILMeX International Film Festival)ජුරියේ සුවිශේෂ සම්මානය (Special Jury Prize/ දෙවන ස්ථානය) දිනාගත්තේය. මිට අමතරව පසුගිය දා නිමාවු 15වන ජිනිවා අන්තර්ජාතික මානව හිමිකම් සිනමා (International Film Festival and Forum on Human Rights, Geneva) උළෙලේදී හොඳම චිත්රපයට සඳහා සම්මානය මෙන්ම තරුණ ජුරි සම්මානයද දිනාගත්තේය.
මේ වනවිට බූසාන්, රොටර්ඩෑම්, මියුනික්, ගොතන්බර්ග් ඇතුළු ලොව ප්‍රභල සිනමා උළෙල විස්සකට වඩා ආරාධනා ලැබුදැවෙන විහඟුන් චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටයයි. චිත්‍රපටය ශ්‍රී ලංකා, ප්‍රංශ, දොහා කටාර් සහ නේදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි.
මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ලීයෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායකඇතුළු පිරිස රංගනයෙන් දායකවන දැවෙන විහඟුන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්රියගෙනී. ඇදුම් නිර්මාණය අජන්ත අලහකෝන්, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක,සංස්කරණය අජිත් රාමණායක සහ කැතරිනා වර්තේනා(Katharina Wartena), වර්ණ සංයෝජනය එළි අකෝකා (ElieAkoka) , ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින් (Nicolas D'halluin), පළමු සහය අධ්‍යක්ෂණය අරුණ තිලකරත්න, දෙවන සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න සහ නිෂ්පාදන කළමණාකරණය හැරල්ඩ් කරුණාතිලක සිදු කර තිබේ.