ප්රවීන සිනමාකරු ධර්මසිරි බණ්ඩාරනායක විසින් අධ්යක්ෂණය කරන ලද “තුන්වෙනි යාමය” (Third part of the night) සිනමාපටයේ විශේෂ දර්ශනයක් එළැඹෙන නොවැම්බර් මස 5 වැනිදා තිරගත කිරීමට කටයුතු යොදා තිබේ.
චිත්රපටය එදින සවස 7 ට කොළඹ 5, සුරිය විලේජ් හි හිදී ප්රදර්ශනය කිරීමට නියමිතය.
1983 වසරේ මෙරට තිරගත වූ තුන්වෙනි යාමය සම්මානනීය සිනමා නිර්මාණය සඳහා වසන්ත කොටුවැල්ල, ඉන්දිරා අබේසේන, වින්සන්ට් සේරසිංහ, අයිරාංගනී සේරසිංහ, ගාමිණී හත්තොටුවේගම, සයිමන් නවගත්තේගම ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් රංගන දායකත්වය ලබා දී තිබුණි.
කළු සුදු චිත්රපටයක් ලෙසින් ජනතාව අතරට පැමිණි මෙය 83 වසරේ සිනමා උළෙල වලදී සම්මාන රැසකට පාත්ර විය.