ඇජෙන්ඩා 14 කෙටි චිත්රපට උළෙල සඳහා නිර්මාණ බාර ගැනීම ආරම්භ කොට තිබේ.
2016 ජනවාරි මසින් පසුව නිර්මාණය කරන ලද කෙටි චිත්රපට, එළැඹෙන නොවැම්බර් 10 වැනිදාට පළමුව තරග අංශ වෙනුවෙන් ඉදිරිපත් කිරීම සිදු කළ යුතුය.
එසේ එවන ලද කෙටි චිත්රපටවලින් තෝරා ගැනුණු හොඳම නිර්මාණ සඳහා අංශ 7 ක් යටතේ සම්මාන 7ක් පිරිනැමීමට සංවිධායකයන් කටයුතු සුදානම් කොට ඇත.
වසරේ හොඳම කෙටි චිත්රපටය, ජූරි සම්මානය, මානව හිමිකම් සම්මානය, කුසලතා සපිරි නිර්මාණකරු (වයස අවුරුදු 24 ට අඩු), සමාජීය ස්ත්රී පුරුෂ භාවී කෙටි චිත්රපටය, හොඳම සජිවිකෘත චිත්රපටය සඳහා මෙහිදී සම්මාන පිරිනැමීමට නියමිතය.
“හරිත සම්මානය” නමින්, එනම් පරිසරය සම්බන්ධ හොඳම සිනමාපටය සඳහා සම්මානයක් ලබාදීමට මෙ වසරේදී සංවිධායකයන් කටයුතු සුදානම් කොට තිබේ.
හත් වැනි වරටත් අඛණ්ඩව පවත්වනු ලබන ඇජෙන්ඩා 14 කෙටි චිත්රපට උළෙල, දෙසැම්බර් 8 වැනිදා සිට 10 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.
අයදුම්පත් සඳහා පහත සඳහන් ලින්කුවට පිවිසෙන්න,