නිහාල් බණ්ඩාරගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “සීමා නෑ ආකාසේ” සිනමාපටය එළැඹෙන 10 වැනිදා සිට එල්. එෆ්. ඩී. මණ්ඩලයේ සිනමාහල්වලදී තිරගත වීම ආරම්භ කෙරේ.
පුබුදු චතුරංග, ධනංජි තාරුකා, සංගීතා තදානි, සංජුල දිවාරත්න, කේෂාන් ශෂින්ද්‍ර, කල්ප කැළුම්, ගයාන් හෙට්ටිආරච්චි, අරුණි මල්ලවාරච්චි මේ සඳහා රංගන දායකත්වය සපයන අතර බුද්ධදාස විතානාච්චි සමඟ ශ්‍රියාණි අමරසේන ආරාධිත රංගනයෙන් දායක වී ඇත.
තිර රචනය නිහාල් බණ්ඩාර විසින්ම නිම තිබේ.කැමරා අධ්‍යක්ෂණය අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි විසිනි. දීප්ති මංගල සෝමවංශ කලා අධ්‍යක්ෂණය සහ නලීන් ප්‍රේමරත්න අංග රචනායෙන් නිර්මාණය සඳහා දායක වී ඇත.
වර්ණ සංයෝජනය ප්‍රවීන් ජයරත්නගෙනි. සුනෙත් රසාංග සහාය අධ්‍යක්ෂවරයාය. සංඛ රුවන්දික සංගීතයෙන් හැඩ වන සීමා නෑ ආකාසේ ඉමේෂා මුතුකුමාරි, කෞෂික් මලින්ද, චමරි පෙරේරා, ඩිල්ෂාන් සමරසිංහගේ ගායනයෙන් වර්ණවත් වී තිබේ.