මේ වනවිට චිත්‍රපට ප්‍රදර්ශනයේ විවිධ අර්බුද ඇති බව චිත්‍රපට අධ්යක්ෂවරු සහ නිෂ්පාදකවරු නිරන්තරයෙන් පවසා සිටිති.
එමෙන්ම තිරගතවීමට ද නියමිත චිත්‍රපට රැසක් තිබේ.
2005 වසරේ සිට 2017 ජූලි 21 දක්වා කාලය ඇතුළත ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මඟින් සහතිකය ලබාගෙන ඇති චිත්‍රපට 75 කින් යුත් නාමාවලියක් පසුගියදා ලැබිණි. ඒ අතර ස්වරූප, සෙල්ලම් නැත්නම් ලෙල්ලම් සහ කාල යන චිත්‍රපට ත්‍රිත්වය මේ වන විට තිරගතව ඇත.
සූවිසි විවරණ, සිමා නෑ ආකාසේ, දැකලා පුරුදු කෙනෙක්, ඉගිළෙන මාළුවෝ, ආදරෙයි මං, කුසල්, ඩොක්ටර් නවරියන්, තුන්පත් රෑණ, අතුරු මිතුරු හරි අපූරු, නෙලා, බ්‍රේකිං නිවුස්, පුංචි අන්දරේ, වෛෂ්ණාවි, කතා කරන හීන සහ ටවුමෙ ඉස්කෝලෙ යන චිත්‍රපට ඉදිරියේදී තිරගතවීමට සූදානම්ව ප්‍රදර්ශන මණ්ඩල මඟින් පෙළගස්වා ඇත.
එහෙත් තවත් චිත්‍රපට 57 ක් චිත්‍රපට පෝලිමේ සිරව තිරගත වනතුරු කල්යල් බලමින් සිටියි.
සෙනෙහසක සිහිනය, පිළිකඩතුරාව, අක්ෂිධාරා, මමයි ප්‍රියේ ආදරේ, ඔස්ට්‍රේලියන් ඩොලර්ස්, සූර්යා, ද හෝප්, හිතුවක්කාරි, මායාවි, යාළු, ආදර පූජාසනේ, ඇතුවත් බෑ නැතුවත් බෑ, ජීවිතේ, සුරංගනා ලොවින් ඇවිල්ලා, තරු අතර මම, ස්වර, බවතරණ, මායා රාත්‍රිය, සෙවනැලි, ඇද්දා ලණුව දැම්මා කොඩිය, සුරංගනා, බුද්ධි, සංගිලි, රහයි ජීවිතේ, ආකර්ෂා, සිහින ලොවක් සොයා, සදී, ඝාතකයා, මධුර චාරිකා, ගුරු ගීතය, ටයිගර්, කළු හිම, රතු සපත්තු, ජොබ්ලස් ඩග්ලස්, ද ලෙටර්, මිස් ඩයිනමයිට්, රජා නෝ යකා නෝ, සකී, බාඳුරා, ටොම් පචයො, වස්දඬුරාවය, සුදු සමනලී, පාටක් නැති ආදරයක්, ආදරෙයි මං රත්තරං, බහුචිතවාදියා, තානාපතිලගෙ ගෙදර, කුණාටුවෙ මාරයා, දඬුමොනරෙන් එනවෝ, පෝරිසාදයා, කන්දක් සේමා, හලෝ මිස්ටර් මං ඩිරෙක්ටර්, දැවෙන විහඟුන්, මගෙ පුතු සිරිමල්, එක දවසක අපි, සේයා, නෝනා හරිම වසයි, රයිගමයයි ගම්පළයයි එලෙස තිරගතවීමට බලාපොරොත්තුවෙන් සිටින රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා සිටින චිත්‍රපට වෙති.
මෙම චිත්‍රපට 57 තිරගත වනුයේ කවර මණ්ඩලයක ද, කවරදාක ද යන්න පිළිබඳ තවමත් නිශ්චිත නොමැති වග වාර්තා වෙයි. මේ චිත්‍රපට සඳහා වැය කර ඇති මුදල අති විශාලය.
(සරසවිය පුවතක් ඇසුරිනි)