රසවිඳිය හැකි උසස් මට්ටමේ ළමා ටෙලි නාට්‍යයන් වර්තමාන ලාංකේය කලා ක්ෂේත්රය තුල දැක ගැනීමේ හැකියාවක් නැති තරම් ය.
ළමා මනස මෙන්ම වැඩිහිටි මනස ද කුරුවල් කර දමන ඉන්දීය ටෙලි නාටක අපේ රුපවාහිනී තිරය අරක් ගෙන ඇති මෙවැනි යුගයක බොහෝ දෙනෙක් පුංචි තිරය අතහැර දමා ඇති බව පැවසුවොත් නිවැරදිය.
එවැනි පසුබිමක කලාව, සාහිත්‍ය, ජනමාධ්‍ය වැනි විවිධ ඉසව් ඔස්සේ සිය හඬ අවදි කළ නිර්මාණ ශිල්පිනියක් දිගු කාලයක නිහඬතාවයෛන් පසුව නිර්මාණකරණයේ නියැලීමට නැවත සූදානම් වේ.
නමින් ඇය මනෝහාරී හේවාවසම්. ඒකාංගික ටෙලි නිර්මාණ මෙන්ම සත්පත්තිනි වැනි ප්‍රේක්ෂකයාගේ හදවතේ ලැගුම් ගත් ටෙලි නිර්මාණයන් ද අප වෙත දායාද කළ ඇයගේ නවතම ටෙලි නිර්මාණයේ මුහුරත් උළෙල නොවැම්බර් 2 වැනිදා එනම් හෙට දින පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අපි ඇගේ හඬින්ම අසා දැනගමු,
"මම 2006 සත්පත්තිනි ටෙලි නාට්‍යට පසුව කිසිඳු ටෙලි නාට්‍යක් නිර්මාණය කිරීමට පෙළඹුනේ නැහැ. එකල පැවති වාතාවරණයන් තුළ ටෙලිනාට්‍යක් විකාශනය කරගන්න අවකාශයක් තිබුණෙ නැහැ ඒ අවධියේ පැවති දුෂිත ක්රමයන් නිසා. නමුත් අපේ විශ්වාසයක් තිබෙනවා මේ වන විට ඒ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට. ඒ තත්ත්වය තුළයි යළි නිර්මාණකරණය සඳහා මා පෙළඹෙන්නේ.
මේ මෙහොත වනවිට ලංකාවේ කිසිඳු රූපවාහිනී නාලිකාවකින් උසස් රසවින්දනයක් ලබාදෙන ළමා ටෙලි නාට්‍යන් විකාශය නොවන මොහොතක ඒ හිඩැස පුරවන්න අපි තීරණය කළා. ඒ ප්‍රවීන සාහිත්යවේදින්ගේ කෙටි කතා ඇසුරින් ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවක් සිදු කිරීමට. මෙය තරමක අපහසු කාර්යයක් වුණාත් අපි ඒ සඳහා මූලිකත්වයක් ගනු ලැබුවා. එය ජනවාරි මාසයේ සිට ජාතික රූපවාහීනි නාලිකාව ඔස්සේ දැක බලාගැනීමට හැකියාව ලැබේවි.
සාහිත්‍ය කෘති තෝරා ගැනීමේදීත් එවැන්නකට දරන පිරිවැය තුළදීත් යම් යම් දුෂ්කරතාවයන්ට අපට මුහුණ දෙන්නට වුණා ඒ වගේම බහුතරයක් සාහිත්‍යවේදින් කිසිඳු ලොබ කමකින් තොරව මේ කර්තව්‍ය සඳහා දායකත්වය ලබා දුන්නා .
කෙටි කතාවකින් මෙවැනි ප්‍රතිනිර්මාණයක් සිදු කරද්දී එවැන්නකට දරණ නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව ලංකාවේ රූපවාහිනි නාලිකාවන්ගෙන් ලැබෙන අඩු වටිනාකම් තත්ත්වයක් තුළ නිර්මාණාත්මක ගුණයට හානියක් නොකාට එය සිදු කිරීමේ වගකීම අප සතුයි.
මෙරට ප්‍රවීන සාහිත්‍යධරයන්ගේ සාහිත්‍ය කෘති 40 ඇසුරෙන් තමයි මෙම ළමා ඒකාංගික ටෙලි නාට්‍ය කතාංග මාලාව නිර්මාණය වෙන්නේ.
එහි මුල් අදියරේ දී ජීබී සේනානායක, කේ ජයතිලක, ජයතිලක කම්මැල්ලවීර, රංජිත් ධර්මකීර්ති, ආචාර්ය සරත් විජේසූරිය, උපුල් වනිගසූරිය, නිශ්ශංක විජේමාන්න, කීර්ති වැලිසරගේ, හේවී කුලරත්න, අභය වංශ දේශප්‍රිය යන රචකයන් විසින් රචිත කෘති 10ක් ඇසුරු කරගත් අතර එයින් තිර රචනාවක් සකසන්නේ අරුණ ප්‍රේමරත්න, ජයතිලක කම්මැල්ලවීර, කසුන් මහේන්ද්‍ර හීනටිගල, කපිල එම් ගමගේ, නර්මදා කුමුදුනී රණවීර, ලංකා බණ්ඩාරණායක, රජීව් ආනන්ද සහ අරුණ ජයවර්ධන යන නිර්මාණවේදිනියන් සහ නිර්මණවේදින් විසිනි.
මෙහි සංගීතය රෝහණ වීරසිංහ, කැමරාකරණය කුලරුවන් ගමගේ සහ චනක සංජීව, සංස්කරණය රුක්මල් නිරෝෂ්, ප්‍රධාන සහය අධ්‍යක්ෂණය චාමර සේලාර, ප්‍රියන්ත ශ්‍රී සමරකෝන්, වේෂ නිරූපණය හර්ෂ මංජුල, ඇඳුම් නිර්මාණය අමා විජේසේකර, කලා අධ්‍යක්ෂණය අජන්ත අලහකෝන්, නිෂ්පාදන කළමණාකරණය අංජන ආශුබෝධ, නිශ්චල ඡයාරූප සංදේශ් බණ්ඩාර, උපදේශකත්වය මහාචාර්ය සුනිල් ආරියරත්න, නිෂ්පාදනය නිල්මිණි ධිරසේකර, බුද්ධිකා කදුරුගමුව විසිනි,”
චිත්‍රය -ශාන්ත කේ. හේරත් චිත්‍ර පන්තියේ දරැවෙකුගෙනි