සිය ජනප්‍රියත්වය වසර ගණනාවක සිට එක සේ රඳවා ගැනීමට සමත් වුනු ගායන ශිල්පී චාමර වීරසිංහ තමන්ගේ රසික රසිකාවියන් වෙත නව නිර්මාණ කිහිපයක් දායාද කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින බව අපිට වාර්තා වුණා.
ඒ වෙනුවෙන් ඔහු තරමක් වෙනස් දෙයක් සිදු කිරීමේ සුදානමකින් පසු වන බවයි ආරංචි වන්නේ.
මේ සමබන්ධයෙන් ඔහු දැක්වුයේ මෙවන් අදහසක්,
“ගීත තුනක් මේ වනවිට නිර්මාණය කරලා තියෙනවා. ඒ ගීත වලින් එකක් මේ වනවිට “ෆේස්බුක්” සමාජ ජාලය හරහා එලි දක්වා තිබෙනවා. අනික් ගීත දෙක තවමත් එලි දැක්වුයේ නැහැ. මොකද, අදහසක් තියෙනවා මේ ගීත දෙක රූප රචනාවක් සහිතව එළි දක්වන්න. සාමාන්‍යයෙන් මම මගේ ගීත වලට රූප රචනා කරන්නේ නැහැ. වෙනසකටත් එක්ක හිතුනා ඉතින් ඒ වගේ දෙයක් කරන්න. රූප රචනාවක් කරමු කියලා ඉල්ලීමක් කළේ රිඟින් ටෝන් ආයතනයක්. ඉතින් ඔවුන්ගේ අවශ්‍යතාවය මත තමයි මේ දේවල් වෙන්නෙත්,”