නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු වාර්තාමය සිනමා උළෙලේ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකේය චිත්‍රපට දෙකක් ද තෝරා ගෙන තිබේ.
ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන ඇති සිනමාපට 63 අතරට ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය අදාළ කරගනිමින් නිමවුණු වැනේසා දුග්නැග් සහ ෆැබ්රිස් ලෝනේගේ “ගොස්ට්ස් ඔෆ් වෝ” සහ ජූඩ් රත්නම්ගේ “ඩිමන්ස් ඉන් පැරඩයිස්” නම් චිත්‍රපට ද්විත්වය ඇතුලත් වී ඇත.
නොවැම්බර් 2 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වෙන උළෙල සඳහා ඉදිරිපත් කෙරෙන්නේ දකුණු අසියා කලාපයේ හොඳම ප්‍රබන්ධ නොවන යථාර්තවාදී නිර්මාණයන් ය.
“ඩිමන්ස් ඉන් පැරඩයිස්” චිත්‍රපටය අද දින(03) සවස 5 ටත් “ගොස්ට්ස් ඔෆ් වෝ” හෙට දින(04) සවස 2.15 ටත් උළලේදී තිරගත කිරීමට නියමිතය.
නේපාල කර්තෘ සහ ප්‍රකාශකයකු වන කුන්දා ඩික්සිත් , පකිස්ථාන චිත්‍රපට අධ්යක්ෂ ෆර්ජාඩ් නාබි සහ ඉන්දීය ජේෂ්ඨ මාධ්‍යවේදී රාජාශ්‍රී දාස්ගුප්තා යන අයගෙන් සමන්විත ජූරියක් විසින් මෙහි ජයග්‍රාහකයන් තෝරා පත් කරගනු ඇත.