සම්මානලාභී විශිෂ්ට ගායනවේදී විශාරද සුජාතා අත්තනායකගේ ගායන දිවියට වසර හැටහතක් සහ මේ වසරට යෙදුන හැත්තෑ පස්වැනි ජන්ම දිනය සමරමින් විශේෂ උත්සවයක් එළැඹෙන 11 වැනිදා සවස ශ්රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.
එහිදී අමිල ලොකුමාන්න විසින් රචනා කරනු ලැබූ සුජාතා අත්තනායකගේ චරිතාපදානය සහ ඇය පිළිබඳ ලියැවුණු ලිපි එකතුවක් ඇතුළත් “සුජාතා අත්තනායකගේ දිවි සිරිත” සහ ඇය ගැයූ ගීත ඇසුරෙන් සංස්කරණය වූ “සුජාතා අත්තනායක ගීතාවලිය” යන ග්රන්ථයන් එළිදැක්වෙනු ඇත.
උළලේ ප්රධාන දෙසුම් මහාචාර්ය කෝලිත භානු දිසානායක සහ දිලීප අබේසේකර විසිනි.
නෙලු අධිකාරි, ගයත්රි ඒකනායක, හේලි අත්තනායක, දුල්ශාරා දසන්ති, චාතුර්යා ගීත්මි, සංදේශා අත්තනායක, ජනනි ඉමාත්මා සහ අමානි ජයත්මාගේ ගීත ගායනයෙන් උළෙල වර්ණවත් කිරීමට නියමිතය.සංගීතය මෙහෙයවීම ජගත් වික්රමසිංහගෙනි.
හේමනලීන් කරුණාරත්න උලෙළ මෙහෙයවනු ලබයි.
ඇගැයුම් උලෙළ සුජාතා අත්තනායක රසික සංසදයේ සංවිධානයකි.