එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ කීර්තිනාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන ලෝක ප්රසිද්ධ පාපන්දු ක්රීඩක ඩෙවිඩ් බෙකම් නවතම වීඩියෝවක් හරහා ළමා හිංසනය පිටුදැකීමට එක්ව සිටී.
මිනිත්තුවක් පුරා දිවෙන මෙම වීඩියෝවෙන් දරුවන්ට එරෙහිව සිදුවන කායික හා මානසික හිංසන පිටුදැකීම සඳහා වන පණිවුඩ නිරූපණය කෙරේ.
ඒ ලොව වැඩි අවධානයක් දිනූ බෙකම්ගේ සිරුරේ ඇඳුණු ටැටූ විලාසිතා හරහා ගෙනෙන කතාවක් අයුරෙනි. එය සැබැවින්ම කාටූන් රූප පෙළක් සේ ඔබට දිස්වෙයි.
මේ පිළිබඳව අදහස් දක්වන ඩේවිඩ් බෙකම් සඳහන් කරන්නේ ලෝකය දරුවන්ට සුරක්ෂිත මෙන්ම සතුටුදායක තැනක් බවට පත්කිරීම සඳහා තමන් හැකි පමණින් දායක වන බවයි.