නළු නිළියන් වෙළඳ දැන්වීම් වල පෙනී සිටින විට මේ රටේ සාමාන්‍ය පාරිභෝගිකයො නළු නිළියන් භාවිතා කරන දේවල් භාවිතා කරන්න පෙළඹෙනවද?
කසාඳ බැඳලා නැති සමහරු අම්මලාගේ චරිතවලට ඉඳලා දරුවන්ට දෙන්න හොඳම කිරි අහවල් එක කියලා කියනවා.
සමහර නූඩ්ල්ස් කටේ තියන්නෙ නැති අය හායි හූයි ගාලා ඇඩ් එකට නූඩ්ල්ස් කනවා.
සබන් කෑල්ලක් මූනෙ ගාන්නෙ නැති අය සබන් ගාන්නේ ලෝකෙ තියෙන හොඳම දේ මූනට ගානවා වගේ.
වෙළඳ දැන්වීම් වලට පෙනී හිටින අය කරන්නෙ වෘත්තියක්. ඒ නිසා ඒ අය මේ භාණ්ඩවල හොඳ නරක පාරිභොගිකයට බලපාන විදිහ ගැන හැගීමක් නැහැ. ඒත් ඉතින් අද කාලෙ හුගක් කෙල්ලො නිළියන් ගාන සබන්වත් ක්රීම්වත් ගානවද කියන්න දන්නෙ නැහැ.
මොකද අද සමාජෙ ඉන්නෙ තමන්ට ඔන දේ අරගෙන පරිහරණය කරන අය. ෆේස්බුක් එකේ මේ යථාර්ථයට පැහැදිලි නිදසුනක් සහිත සටහනක් තිබුනා
මේ වෙළඳ දැන්වීම හෙයාර් ඩයි එකක්.
පෙනී හිටින්නෙ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් . මෙය ඔහුගෙ ප්‍රශ්නයක් නෙමේ. ඇත්තටම විග් එක්ක පළඳන කෙනෙක්ට හෙයාර් ඩයි මොකටද කියන ප්‍රශ්නෙ අහන්නම වෙනවා.
ඩයි ඔනි වෙන්නෙ ස්වභාවික කොන්ඩයක් සුදු පැහැ ගැන්වෙන කොට. මේ වෙළඳ දැන්වීමේ නිර්මාණශීලි රචකයත් නිර්මාණ කණ්ඩායමත් ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් යොදාගැනීම තුළින් අපේක්ෂා කරන්නෙ ඇත්තේ ඔහු රංගන ශිල්පියෙක් ලෙස ගොඩ නගාගෙන ඇති නම.කෙසේ නමුත් මෙහිදී ඔහු විග් එකක් පාවිච්චි කර ඇති බවක් පැහැදිළිව පෙනෙන්නට තිබෙනවා.
කෙසේ වුවත් දැන්වීම් කලාවෙන් ඉස්සර වගේ පාරිභෝගික ජනතාව මෝඩයන්ට අන්දන්න බැහැ. ඔවුන් අද වඩාත් දැණුවත්.මාතලන් නගන මේ ප්රශ්නය සමස්ත වෙළඳ දැන්වීම් ලියන ඒවා අධ්‍යක්ෂණය කරන අයටත් ව්‍යාපාරිකයින්ටත් හිතන්න යොමු කරවන්නක්."විග් වලටත් ඩයි දාන හරක් ඉන්න රටක් ඕයි මේක".(මාතලන්.)