බොලිවුඩ් සිනමාවේ ප්‍රවීන රංගන ශිල්පී සෂි කපූර්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ඉන්දියාවේ ශාන්ත කෲස් ආදාහනාගාරයේදී සිදු කර තිබේ.
එම අවස්ථාවට ඔහුගේ පුත්‍රයන් වූ කුනාල් සහ කාරන් ද දියණිය වූ සන්ජානා ද සහභාගි වූහ.
අමිතාබ්බච්චන්, අභිෂේක් බච්චන්, ෂාරුක් කාන්, සහිෆ් අලි කාන්, ශ්‍යාම් බෙන්ගාල්, සලිම් කාන්, නස්රුදින් ෂාහ්, සන්ඡේ දත්, අනිල් කපුර්, අමිර් කාන්, ලාරා දත්තා, රන්දීර් කපුර්, රන්බීර් කපුර් ඇතුළු නළු නිළියන් රැසක් ප්‍රවීන කලාකරුවාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියහ.