ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයට අමතරව සංක්‍රාන්ති ලිංගිකත්වය ද, ලිංගික අනන්‍යතාවයක් ලෙස පිළිගැනිම පිළිබඳ නැවත තැවතත් ලාංකීය සමාජය තුළ කතිකාවට ලක්විය යුතු බව භුමි හරේන්ද්‍රන් පවසයි.
සංක්‍රාන්ති ලිංගික අනන්‍යතාවයක් හිමි භුමි හරේන්ද්‍රන්, විසාකේස චන්ද්‍රසේකරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ෆ්‍රැන්ජිපානි චිත්‍රපටය වෙනුවෙන් 2017 සාර්ක් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි ජුරියේ විශේෂ සම්මානය හිමි කරගැනීම පිළිබඳ සමාජජාලා ඔස්සේ සිදුවු විවිධ අදහස් දැක්වීම් වලට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව පවසා සිටියාය.
එමෙන්ම ෆ්‍රැන්ජිපානි (සයපෙති කුසුම) චිත්‍රපටය ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයන් අභියෝගයට ලක් කරමින් ඇති කළ සමාජ කතිකාවක් බවත්, සම්ප්‍රදායික සමාජ ක්‍රමය තුළ සිදු කළ නිර්භීත රඟපෑමක් වෙනුවෙන් තමන්ට සම්මානය හිමිවු බවත්, කිසිඳු අයුරකින් මෙම සම්මානය ( Best Actor ) භාර ගැනීම තුළ තමන්ගේ අනන්‍යතාවය පිළිබඳ සිදු කළ අරගලය නැවත ආපස්සට හැරවීමක් නොවන බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියාය.
ඇය සමඟ සිදු කළ කතාබහේ සම්පුර්ණ වීඩියෝව පහතින් නරඹන්න,