ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා එක්ව ශ්‍රී ලංකා කලා මණ්ඩලය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “මානව හිමිකම් කලා උළෙල” එළැඹෙන 10 වැනිදා කොළඹ 7, JDA පෙරේරා ශාලාවේදී පස්වරු 4 ට ආරම්භ කිරීමට නියමිතය.
උළෙල එළැඹෙන 17 වැනිදා තෙක් පැවැත්වෙන අතර 11 වැනිදා සිට සෑම දිනකම පෙරවරු 10 සිට පස්වරු 8 දක්වා එය ක්‍රියාත්මක වනු ඇත.
කලා ප්‍රසංග සෑම දිනකම සවස 6 සිට රාත්‍රී 8 දක්වා ප්‍රදර්ශනය කෙරේ.
උළෙල සඳහා ද වර්ක්ෂොප් ප්ලේයර්ස්, සස්කියා ෆර්නැන්ඩු ගැලරි, UZආර්ට්ස් UK, සුරමැදුර සහ කේමදාස පදනම දෘශ්‍ය කලා, සංගීත, වේදිකා නාට්‍ය, නර්තනය සහ නව මාධ්‍ය යන අංශ වලට අදාළව සිය දායකත්වය ලබා දෙයි.