‘ස්කූබි ඩූ’ යන නම කිවූ පමණින් බොහෝ දෙනා ගේ මුවගට සිනාවක් නැගෙයි.
හැත්තෑ දශකයේ ආරම්භ වූ මෙම කාටූනය දශක කිහිපයක් පුරාවට නොනැවතුනේ එහි රසවත් බව නිසාවෙනි.
එහි ජනප්‍රියත්වය හේතුවෙන්ම මෙම කාටූන් නිර්මාණය සිංහල ඇතුළු ලොව භාෂා කිහිපයකටම හඬකවනු ලැබුණි.
මෙහි මුල් නිර්මාණයේ ප්‍රධාන චරිතයක් වන ඩැෆ්නි ගේ චරිතයට වසර 33ක් පුරා හඬකැවූ නිළියක් වන හෙදර් නෝර්ත් පසුගියදා මෙලොවින් නික්ම ගොස් තිබේ.
ඇය මියගොස් ඇත්තේ නොවැම්බර් 30දා වුවත් ඇගේ වියෝව පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේමීට දිනකට පමණ පෙරාතුවය.
මිය යන විට 71 වියේ පසුවූ ඇය, දිගු කලක් පුරාවට රෝගාතුරව සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ස්කූබි ඩූ දෙවැනි එකතුව වූ ‘ස්කූබි ඩූ, වෙයාර් ආ යූ!’ හි ආරම්භයේ පටන් 2003 දක්වා ඇය ඩැෆ්නි ගේ චරිතයට හඬකවා තිබුණි.