වාර්ෂිකව පවත්වනු ලබන කිතුණු කලාකරුවන්ගේ නත්තල් සුහද හමුව මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පසුගියදා කොළඹ අගරදගුරු මැදුරේදී පැවැත්විණි.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සංකල්පනාවකට අනුව උන්වහන්සේගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම සුහද හමුවේදී කලාකරුවන් යුවළක් කාදිනල්තුමන්ගේ සුරතින් උපහාර තිළිණ ලැබූහ.
ඒ රංගධර ඇලෙක්සැන්ඩර් ප්රනාන්දු සහ ගායනවේදී ක්රිස්ටෝපර් පෝල්ය.
කිතුණු කලාකරුවන් රැසක් සහභාගිවූ මෙම අවස්ථාව අජිත් විතානගේ ප්රමුඛ සිසිලියන්ස් සංගීත කණ්ඩායමේ මියුරුසරින් හැඩගැන්විණ.
ප්රියන්ත විජේසිංහ සහ ඩෙන්සිල් නුගේගොඩ කතනයෙන් දායක වු කිතුණු කලාකරුවන් හමුවේදී ලතා වල්පොල, අනිල් භාරතී, රොනී ලීච්, චන්දන ලියනාරච්චි, රොනී ලීච්, ක්රිස්ටෝපර් පෝල්, ෆීලික්ස් ඇන්ටන් රොහාන්ද සිල්වා ඇතුළු කලාකරුවන් රැසක් ගායනයෙන් එකතු විය.
සරසවිය