දරුකමට හදා වඩා ගැනීම සඳහා විදේශයන් වෙත ලබා දුන් ළමුන් සහ එම මව්වරුන් පිළිබඳව ගතු කියවෙන සැන් වැන් රොසෙන් විසින් රචිත “සිරිලක දුඛාන්තය” (het verdriet van sri lanka) නම් කෘතිය එලි දක්වා තිබේ.
මෙරට ඉපිද නෙදර්ලන්ත ජාතික යුවලකට හදා ගැනීමට දුන් සැන් වැන් රොසෙන් විසින් ලන්දේසි බසින් රචිත මෙම කෘතිය නෙදර්ලන්තයේදී එලි දක්වා ඇති අතර එය මොරිස් අම්බෝම් විසින් සංස්කරණය කර ඇත.
1980 ගණන් වල ශ්රී ලංකාවේ දරුවන් දස දහස් ගණන් හොර රහසේ විදෙස් රටවලට අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධ කරුණු මෙහි ඇතුලත් බව ඇය පවසන්නීය.
මෙම කෘතිය ඉංග්රීසි මෙන්ම සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේ සුදානමක් ද ඇති බව රොසෙන් වැඩි දුරටත් සඳහන් කරයි.