හෙලන් ඩන්මෝ ගේ 10 වැනි සහ අවසාන කාව්‍ය සංග්‍රහය වන “ඉන්සයිඩ් ද වේව්” වෙනුවෙන් කොස්ටා බුක් සම්මානයක් හිමිවී තිබේ.
නවකතාකාරියක සහ කිවිඳියක වන හෙලන් සිය දිවියෙන් සමුගත්තේ පසුගිය වසරේ ජුනි මස දිය.
ඒ පිළිකාවක් වැළඳීම හේතුවෙනි.
“ඉන්සයිඩ් ද වේව්” කෘතිය මඟින් ජිවය සහ මරණයේ සිමා ලක්ෂයන් හෙළි කෙරෙන අතර එහි ඇතුලත් ඇගේ අවසන් කවිය “හෝල්ඩ් අවුට් යුවර් ආම්ස්” ඇය මරණය වැළඳ ගැනීමට සුළු මොහොතක පෙර ලියුවකි.
කොස්ටා බුක් සම්මාන ප්‍රධානෝත්සවය එළඹෙන 30 වැනිදා ලන්ඩනයේ පැවැත්වීමට නියමිතය.