නාරායන් වග්ලේ විසින් රචිත “පල්පසා කැෆේ” නම් නේපාලි නවකතාවේ සිංහල පරිවර්තනය එළඹෙන 11 වැනිදා සවස 3.30 ට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයෙදී ජනගත කිරීමට නියමිතය.
නේපාල බසින් ලියවුනු නවකතාවක් ප්‍රථම වතාවට සිංහලයට නැගීමේ ගෞරවය හිමි වන්නේ මෙහි කර්තෘ සුනන්ද දේශප්රියටය.
“පල්පසා කැෆේ” එළිදැක්වීමට සමගාමිව මානව හිමිකම් සහ කලාව යන තේමාව යටතේ කතිකාවතක් ද සංවිධානය කොට තිබේ.
මුලසුන එස්.ජි. පුංචිහේවා විසින් දරන අතර චුලානන්ද සමරනායක, සන්ධ්‍යා එක්නැලිගොඩ සහ ජයතිලක බණ්ඩාර ඒ සඳහා එක් වීමට නියමිතය.