මෑන් බුකර් සම්මානය සඳහා නවකතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව මෙම වසරේ සිට අයර්ලන්ත ප්‍රකාශකයන් හට හිමි වී තිබේ.
“එක්සත් රාජධානි සහ අයර්ලන්ත ප්‍රකාශකයන් අතර ඇතිකරගත් විශේෂ සබඳතාවයේ” ප්‍රතිපලයක් වශයෙන් මෙම තීරණය ගෙන ඇති බව මෑන් බුකර් පදනම පවසයි.
ස්වාධින අයර්ලන්ත ප්‍රකාශකයන් සම්මානය වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාවන් තහවුරු කරගැනීම මෙම නව නිතිය පැනවීමේ එක අරමුණක් බව ඔවුහු පවසති.
එක්සත් රාජධානිය තුල ප්‍රධාන ප්‍රකාශන මධ්‍යස්ථානය හිමි අයර්ලන්ත ප්‍රකාශකයන් හට පමණක් මින් පෙර මෙම සම්මානය සඳහා හිමිකම් කීමට ඉඩ ලැබුණි.