ඉන්දීය සිනමා ශාලාවක සෑම චිත්‍රපට ප්‍රදර්ශනයකටම පෙර ජාතික ගිය වාදනය කළ යුතු බවට පනවා තිබු නීතියක් අවලංගු කිරිමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයක් පියවර ගෙන තිබේ.
චිත්‍රපට සෑම ප්‍රදර්ශන වාරයකට පෙර තිරයේ ජාතික කොඩියේ රූපයක්ද ප්‍රදර්ශනය කරමින් රටේ ජාතික ගීය වාදනය කළ යුතු බවත් එවිට සිනමා ශාලාව තුළ සිටින සිනමාලෝලීන් නැඟී සිටිය යුතු බවටත් පසුගිය වසරේදී පනවා තිබු නීතිය ඒ අනුව බල රහිත කෙරුණි.
ජනතාව සිය පෞද්ගලික අභිමතය පරිදි ක්‍රියා කිරීම නවතා දේශප්‍රේමී හැඟීම් වර්ධනය වන අයුරින් කටයුතු කරනු ඇතිය යන හැඟීමෙන් මෙම නිතිය මින් පෙර පනවා තිබුන ද එය ක්‍රියාවට නැංවීමේදී විවිධ අර්බුධකාරී සිදුවීම් ඇති වී තිබුණි.
අත්අඩංගුවට ගැනීම් මෙන්ම ගැටුම් ද ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.