එච්.ආර්.ජෝතිපාල මහතාගේ ගීත නිසි අවසරයකින් තොරව ගායනා කර මුදල් ඉපයු බවට ඔහුගේ බිරිඳ සහ දියණියන් විසින් මේරියන්ස් නායක නලීන් පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මැයි 4 වැනි දා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා නියෝග කළේය.
නලීන් පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ දිනේෂ් විදානපතිරණ මහතා විරෝධතා ඉදිරිපත් කිරිමට කාලය ලබා දෙන්නැයි කළ ඉල්ලීම පිළිගනිමින් විනිසුරුවරයා එසේ නියම කැරිණි.