බෙනට් රත්නායක විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමා නිර්මාණය “නෙලා” පෙබරවාරි මසදී දිවයින පුරා සිනමා ශාලා හි තිරගත කිරීම සඳහා කටයුතු යොදා තිබේ.
ශලනි තාරකා, උදාර රත්නායක, තාරුකා වන්නිආරච්චි, තුමිඳු දොඩන්තැන්න, උදාරි පෙරේරා, රොෂාන් පිලපිටිය, සේමිණි ඉද්දමල්ගොඩ, පාලිත සිල්වා, පුෂ්පරාණි සත්‍යා, අනුර ධර්මවර්ධන, ට්රිනිවාස්, තිමොති ඔනෙලි, එච්. විජේසුන්දරම්, එස්. ප්රතිශ්කාර්, අජිත් දාබරේ, ටෙවන් බෙන්ජර් ඇතුළු පිරිසක් මේ සඳහා රංගන දායකත්වය සපයා ඇත.
සංගීත අධ්‍යක්ෂණය සුරේශ් මාලියද් ද විසින් සිදු නිම කර ඇති අතර කසුන් කල්හාර ,ශ්‍රියා කාරියවසම් “නෙලා” සඳහා ගායනයෙන් එක් වේ. ගීත රචනය නිලාර් එන් කාසිම් විසිනි.
“නෙලා” හි කැමරාකරණය රුවන් කොස්තා ගෙනි. ලාල් හරීන්ද්‍රනාත් කලා අධ්‍යක්ෂණයෙන්ද, ප්‍රියන්ත දිසානායක වේශ නිරූපණයෙන්ද එක් වී තිබේ.
ඇදුම් නිර්මාණය අතුල සුල්තානාගොඩ විසිනි. චාමර සේලාර සහය අධ්‍යක්ෂණයෙන් ද, දමින්ද ඩී මඩවල නිෂ්පාදන කලමනාකරණයෙන්ද, අජිත් රාමනායක සංස්කරණයෙන්ද, දිනිදු ජාගොඩ වර්ණ සංයෝජනයෙන්ද, අරුණ ප්‍රියන්ත කලුආරච්චි සහ මක්ලේන් ඇඩම්ස් ශබ්ද සංයෝජනයෙන්ද අමිල ප්‍රභාත් නිශ්චල ඡායාරූපකරණයෙන්ද “නෙලා” සදහා දායක වී ඇත.
සමන්මලී හේවාමාන්න නිෂ්පාදනයෙන්ද, එච්. ඩී. ප්‍රේමසිරි, චරිත් නාගොඩවිතාන, ඩිලාන් ප්‍රනාන්දු, අතුල මාවලගේ සම නිෂ්පාදනයෙන්ද, සදහා දායක වී තිබේ.