රාජිත දිසානායක නිර්මාණ කාර්යයක් වන “ආදර වස්තුව” වේදිකා නාට්‍යයේ පස්වැනි වර්ෂ පුර්ණ දැක්ම එළඹෙන 21 වැනිදා පස්වරු 7 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත කිරීමට නියමිතය.
ශ්‍යාම් ප්‍රනාන්දු, තුමිඳු දොඩන්තැන්න, නදීෂානි පේලිආරච්චි සහ කසුන් චතුරංග මෙහි රංගන දායකත්වය ලබා දෙති.
සංගීත නිර්මාණය කපිල පුගලආරච්චි,අංග රචනය ප්‍රියන්ත දිසානායක, වේදිකා පරිපාලනය විජිත් නුවන් සමග නලින් ලුසේනාග විසින් සිදු කර ඇති අතර වේදිකා පසුතල නිර්මාණකරණය චාමර විජේසිංහ අතින් නිම වී ඇත.
“ආදර වස්තුව” 2014 රාජ්‍ය නාට්‍යය උළලේ හොඳම රචනය සහ හොඳම නළුවාට හිමි සම්මාන හිමිකරගෙන තිබේ.