ගෙවුණු 2017 වසරේ දී ලෝකයේ නන් දෙස පැවැති අන්තර්ජාතික සිනමා උළෙල හිදී දීර්ග වෘතාන්ත සිනමාපට වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලද ශ්‍රී ලාංකීය සිනමා ශිල්පීන් අතුරෙන් විශිෂ්ටතම සම්මාන ලාභීන් ඇගයීම උදෙසා වූ විශේෂ ඇගයීම් උළෙලක් රජයේ මූලිකත්වයෙන් පැවැත්වීමට මේ වන විට සියල්ල සූදානම් .
ඒ අනුව ශ්‍රී ලාංකීය සිනමාවට 71 වසරක් පිරීම නිමිත්තෙන් මේ මස 21 වන දින ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වෙන විශේෂ සැමරුම් උළෙලේ දී එකී ජාත්‍යන්තර සම්මාන ලාභීන් ඇගයීමට නියමිත ය. 2017 වසර වෙනුවෙන් ශ්‍රී ලාංකික දීර්ග වෘතාන්ත සිනමාපට 6ක් ලබාගත් ජාත්‍යන්තර සම්මාන 10ක් අතුරෙන් විශිෂ්ටතම සම්මාන තේරීමට ජාතික චිත්‍රපට සංස්ථාවේ මූලිකත්වයෙන් නම් කළ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු තේරීම් කමිටුවක් පත්කර ඇත. දැනට ලංකාවේ සිටින ප්රවීණතම හා අත්දැකීම් බහුලම අන්තර්ජාතික සිනමා උළෙල ජූරි සභික හා අන්තර්ජාතික සිනමා උළෙල වැඩසටහන් සම්පාදක ලෙස සලකන ඈෂ්ලි රත්නවිභූෂණ සහ අන්තර්ජාතික සිනමා උළෙලේ වැඩසටහන් සම්පාදක ප්‍රධානී උදිත ලක්මාල් කහඳවාආරච්චි මෙහි මූලිකත්වයක් හොබවයි.
ඔවුන්ගේ අවසන් නිර්දේශය මත පහත සම්මාන ලාභීන් අතුරෙන් විශිෂ්ටතමයන් ඇගයීමට ලක් කෙරේ.
හොඳම සිනමාපටය ප්‍රධාන ජූරි සම්මානය - සංජීව පුෂ්පකුමාර, දැවෙන විහඟුන්
යොවුන් ජූරි සම්මානය - සංජීව පුෂ්පකුමාර, දැවෙන විහඟුන්
විදෙස් භාෂිත සිනමාපට අංශයේ හොඳම කැමරාකරණය- විශ්වජිත් කරුණාරත්න,රතු සමනල හීනයක් ප්‍රියන්ත කරුණාරත්න
කුසලතා සහතිකය - බෙනට් රත්නායක, නෙලා
හොඳම නිළිය- අනෝමා ජනාදරී, දැවෙන විහඟුන්
හොඳම වෘතාන්ත සිනමාපටය- අශෝක හඳගම, ඇගේ ඇස අග
හොඳම අධ්‍යක්ෂණය -අශෝක හඳගම,ඇගේ ඇස අග
හොඳම නළුවා - දසුන් පතිරණ, ජෙහාන් අප්පුහාමි සහ භූමි හරේන්ද්‍රගේ සාමූහික රංගනය, සයපෙති කුසුම
විශේෂ ජූරි සම්මානය - විසාකේස චන්ද්‍රසේකරම්, සයපෙති කුසුම
මායිමෙන් එහා සිනමාව අංශයේ හොඳම සිනමාපටය- සෝමරත්න දිසානායක, Underpants thief
දිල්