ජාතික සෞඛ්‍ය රූපවාහිනී නාළිකාව එළිදැක්වීමේ උළෙල 20 වැනිදා එනම් හෙට දින සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
ඒ කොළඹ ගලදාරී හෝටලයේ දී ය.
බෝ නොවන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, පවුල් සෞඛ්‍ය සම්බන්ධව පුළුල් දැනුමක් ලබාදීම, පෝෂණය, ක්‍රීඩාව හා ගෘහ ජීවිතය පිළිබඳව දැනුවත් කිරීම ආදී වැඩසටහන් මෙහිදී ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්යක්ෂ ප්‍රසන්න අධිකාරි සඳහන් කර තිබේ.
ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට හා සෞඛ්‍යමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි.