සම්මානලාභී ප්රවීණ ගත් කතුවර ඇරැව්වල නන්දිමිත්ර අභාවප්රාප්ත විය.
නවකතා රචකයකු, කෙටිකතා රචකයෙකු මෙන්ම ගීත රචකයකු ලෙස ද කීර්තියට පත්ව සිටි එතුමා මියයන විට 79 හැවිරිදි වියෙහි පසු වුවේය.
කඳුළක් සිනාසෙයි, ගංතෙර තෙරණිය, සුදු හංස ධේනුව, ජීවිතය සුන්දරය, පුංචි තරුවක් පායලා, ජීවිතයේ කොටස්කාරයෝ, තරුණාවේශය, මල් මදාරා ආදී කෘතීන් ගණනාවකගේ නිර්මාණකරුවා වන්නේ ඔහුය.
ඔහු විසින් රචිත මල්දෙනියේ සිමියොන් සිනමාපටයක් ලෙසින් ද එළිදැක්වුනි.
එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (7) පස්වරුවේ පන්නිපිටිය ඇරැව්වලදී සිදු කිරීමට නියමිතය.