අන්තර්ජාතික මෑන් බුකර් සාහිත්‍ය සම්මානය 2018 පළමු වටය සඳහා නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඉංග්‍රීසි භාෂිත තනි කෘතියකට මෙම සම්මානය හිමිවන අතර කතෘ සහ පරිවර්තක යන දෙදෙනාටම එහි සම අයිතිය හිමි වේ.
එක්සත් රාජධානි සත්කාරකත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළලේ දී ජයග්‍රාහකයා හට හිමිවන පවුම් 50, 000 ක ත්‍යාග මුදල ද ඔවුන් දෙදෙනා අතර සමව බෙදී යයි.
2017 වසර වෙනුවෙන් අන්තර්ජාතික මෑන් බුකර් සඳහා හිමිකම් කියනු ලැබුවේ ඩේවිඩ් ග්‍රොස්මන් විසින් රචිත ජෙසිකා කොහෙන් පරිවර්තනය කළ “අ හෝස් වෝක් ඉන්ටු අ බාර්” කෘතියයි.
මෙවර සම්මානයේ අවසන් වටයට නිර්දේශ වූ කෘති එළඹෙන අප්‍රේල් මසදී නිවේදනය කරන අතර ජයග්‍රාහකයා මැයි මස 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
පළමුවටයේ නිර්දේශිත නම් මෙසේය,
- Laurent Binet (France), Sam Taylor, The 7th Function of Language
- Javier Cercas (Spain), Frank Wynne, The Impostor
- Virginie Despentes (France), Frank Wynne, Vernon Subutex 1
- Jenny Erpenbeck (Germany), Susan Bernofsky, Go, Went, Gone
- Han Kang (South Korea), Deborah Smith, The White Book
- Ariana Harwicz (Argentina), Sarah Moses & Carolina Orloff, Die,
- László Krasznahorkai (Hungary), John Batki, Ottilie Mulzet & George Szirtes, The World Goes On
- Antonio Muñoz Molina (Spain), Camilo A. Ramirez,Like a Fading Shadow
- Christoph Ransmayr (Austria), Simon Pare, The Flying Mountain
- Ahmed Saadawi (Iraq), Jonathan Wright, Frankenstein in Baghdad
- Olga Tokarczuk (Poland), Jennifer Croft, Flights
- Wu Ming-Yi (Taiwan, China), Darryl Sterk, The Stolen Bicycle
- Gabriela Ybarra (Spain), Natasha Wimmer, The Dinner Guest