මුවන්පැලැස්සේ 'මැණිකේ' ලෙස හදවත් ජයගත් ආදරණීය ශිල්පිනිය 'රත්නාවලී කැකුණවෙල' මහත්මිය මීට මොහොතකට පෙර අභාවප්රප්ත වි ඇත.
කලා ලෝකය ජයගත් ප්‍රවීණ නිළියක් වු ඇය ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක, වේදිකා නිළියක සිනමා හා රූපවාහිනි නිළියක ලෙස ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය විය.
මියයන විට ඇයගේ වයස අවුරුදු 87 ක්.
දේහය රත්මලාන වෙඩි කන්ද පාරේ අංක 25 න් එක, සී නිවසේ තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු පිලිබදව පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.
1951 වසරේ දෙසැම්බර් 21 වනදා ගුවන් විදුලි නාට්‍යයකට හඬ කවමින් ක්ෂේත්රයට පිවිසෙන ඇය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ මුවන් පැලැස්සේ මැණිකේ ලෙසයි.