ඩර්ටි පික්චර්, ඒක් විලන්, රාගිනි MMS 2 වැනි චිත්‍රපට මෙන්ම ජනප්‍රිය ඉන්දීය මෙගා ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කළ ඒක්තා කපුර් සිය නවතම වෙබ් මාලා නාටකය වාත්ස්‍යායනයන් ගේ “කාම සුත්‍ර” සංස්කෘත ග්‍රන්ථය ඇසුරින් නිම කිරිමේ සුදානමක් පිළිබඳ එරට මාධ්‍ය වාර්තා කර සිටියි.
බලාජි නිෂ්පාදන සමාගමේ හවුල් හිමිකාරිත්වය දරන ඇය කලක පටන් මෙම අදහස ක්‍රියාවට නැංවීමේ බලාපොරොත්තුවෙන් සිටි බවත් මේ වනවිට ඒ සඳහා සුදුසු අධ්‍යක්ෂකවරයෙක් ඇය සොයමින් සිටින බවත් සමාගම් ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
ඒ අනුව මෙම කල්පිත කතා මාලාව රාජස්තාන් ප්‍රදේශයේ ගෝලී නම් කුල ගෝත්‍රය පාදක කරගනිමින් නිපදවෙනු ඇත.
තිරපිටපත මේ වනවිටත් ඒක්තා කපුර්ගේ අධීක්ෂණය යටතේ රචනා වන බව වාර්තා වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක තවමත් නිකුත් කර නැත.