සරත් සිල්වා ලියූ “සිංහල සිනමාවයි මමයි චිත්‍රපට සංස්ථාවයි” ග්‍රන්ථය පසුගියදා එළිදැක්විණි.
1966 දී දේශීය චිත්‍රපට නරඹන්නන්ගේ පුරෝගාමියකු වූ ද සිංහල චිත්‍රපට කර්මාන්තයේ ඓතිහාසික විකාශනය පරීක්ෂා කරන විට නොමැකෙන නාමාවලියේ එකතුවට සරත්ගේ නම ද ලියැවේ. කාගේත් කතාබහට ලක්වෙන ජාතික චිත්‍රපට සංස්ථාව බිහි කිරීමේ මුල් පුරුකක් වන්නේ ද සරත් සිල්වාය.
එදා දේශීය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමය පිහිටුවීමේ අභිලාෂය වූයේ පරමාර්ථ 8 ක් මුදුන්පත් කර ගැනීමය. ඉන් ප්‍රමුඛතම පරමාර්ථය වූයේ ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස 1972 ජාතික චිත්‍රපට සංස්ථාව බිහි කිරීම සිදු විය. ඔහු 1999 ජාතික කතෝලික සිනමා පර්ෂදයෙන් 'සිග්නීස්' සම්මානයට පාත්‍ර විය. 1977 ජාතික චිත්‍රපට සංස්ථාවේ උපදේශක මණ්ඩලයේ තුනතුරක් ද ඔහු හෙබවීය. ඉන් පසු සරත් සිල්වාගේ යෝජනාවක් අනුව ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ජනාධිපති සම්මාන උලෙළක් පැවැත්වීමට යෝජනාවක් ගෙන ඒමත් එය සම්මත කර ගැනීමත් සිදු විය. ඔහු 1980 පිහිට වූ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයකු ද වේ. ඔහු ලියූ 'සිංහල සිනමාවයි මමයි චිත්‍රපට සංස්ථාවයි' යන ග්‍රන්ථය පසුගිය දින ජනගත කෙරිණී. සිනමා කර්මාන්තයට අදාළ ඓතිහාසික තොරතුරු රැසක් සරත් සිල්වාගේ මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. එනිසාම දේශීය සිනමා ඉතිහාසය හදාරන සියලු දෙනාටම මෙම ග්‍රන්ථය වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.
සරසවිය